Song Title : Kandulu Hela Nembiliyata (කඳුළු හෙළා නෑඹිලියට)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : බන්දුල විජේවීර
කඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙළා ගිනිදළු ගෙන ළිප මොළවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිඳී අප එනතුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා හඬාලා
කඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙළා ගිනිදළු ගෙන ළිප මොළවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිඳී අප එනතුරු අම්මා
දරුවන් අනේ රජ වෙනතුරු මග බැලුවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
බුදුවෙන පුතුන් හට ඇය ඉණිමං තැනුවා ////
0 comments:
Post a Comment