Kalaye Wali Thalawa Pahuruga Song Lyrics - කාලයේ වැළි තලාව පහුරුගා ගීතයේ පද පෙළ

Kalaye Wali Thalawa Pahuruga Song Lyrics - කාලයේ වැළි තලාව පහුරුගා ගීතයේ පද පෙළ
Song Title : Kalaye Wali Thalawa Pahuruga (කාලයේ වැළි තලාව පහුරුගා)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ස්ටැන්ලි පීරිස්


කාලයේ වැළි තලාව පහුරුගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම්

වියළුණු හෝපලු වනයේ
සුළඟේ යන පරඬැල් මැද
අතීතයක ගුණ සුවඳක් විඳින්නම්
ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්

කාලයේ වැළි තලාව පහුරුගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම්

ගිණි දැල්වෙන මරු කතරේ
පුපුරු ගසන වැළි කැට මත
ළතෙත් බවක සිහිලස සිහි කරන්නම්
ඒ සිහිලම පතමින් මඟ බලන්නම්

කාලයේ වැළි තලාව පහුරුගා
නියග ගෙවී ලේ ගලනා වෙලාවේ
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්
ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment