පාන්දර 4.45 කෝච්චිය අල්ලගන්න 4ට රඹුක්කනට යන බස් එකේ නගින්න හිතන් මම මහ පාන්දර ගෙදරින් පිටත් උනා. ....මීදුම පිරිලා මුලු පළාතෙම හරිම ලස්සනයි..ළඟ ළඟ තිබුණ දේවල් හැර මීටර් 50ක විතර දුරක්වත් පෙනුනේ නෑ...හඳත් බැබළෙනවා අපූරුවට..සීතලේ මීදුම කපාගෙන ඇවිදන් යද්දි මට දැනුනෙ මම අහස උඩින් ඇවිදිනවා වගේ.
පන්සල කිට්ටු වෙද්දී බෝ ගහේ කොළ සෙලවෙන සද්දෙ හය්යෙන් අහුනා සිලි සිලි ගාලා.....බෝ ගහ පසු කරන් යන අතරෙ මට ඇහනා සිනා හඬක්. .හිත හොඳටම ගැස්සුනා එවෙලේ......වට පිට නොබලා ඉස්සරහට දුවන් ගියා..ඒ යද්දි දේවාලෙ ගාව සුදු මනුස්ස චායාවක් හිටන් ඉන්නවා. .ටිකින් ටික ඒක උස යනවා.... පොල් ගහක් තරමට සුදු පාටට උස් වෙලා.....ඒත් එක්කම මට දැනුනා පුදුම මල් සුවඳක් මම පන කඩාගෙන දිව්ව දිවිල්ල නැවතුනේ මහ පාරෙ.
වතුර බෝතලේ අරන් එක හුස්මට බීලා දැම්මා. ...බස් එක එනකන් මම බලන් හිටියෙ ඇඟිලි ගැන ගැන. . මෙහෙම ඉද්දේ පල්ලෙහා වෙල් යාය දිගේ මනුෂ්යයෙක් මහ පාර පැත්තට එනවා මම දැක්කා. .මීදුම හන්දා ඒ කව්ද කියලා හරියට පෙනුනෙ නෑ...බස් එක අල්ලගන්න එනවා ඇතිනෙ. ඒ මනුස්යා පාරට එනකන් මට තිබුණෙ පුදුම හදිසියක්. ඒ තරමට මමබයෙන් හිටියෙ එවෙලේ....
ඔන්න ඒ මනුස්යා පාරට ඇවිත් මගේ දිහාවට එනවා. ටිකක් ඒ දිහා බලන් ඉද්දි. ......... මගේ දෙවියනේ කෝ ඒ මිනිහගෙ කකුල්. .කඳ විතරයි. .පහළ කොටස නෑ....මගේ දිහාට පා වෙවී එනවා. .. මට දැන්නම් ක්ලාන්ත වෙන්න වගේ. . සිහි නෑ පිස්සුවෙන් වගේ දුවන් ගිහින් ළඟ තිබුණ ගෙදරක දොරට ගහගන ගහගෙන ගියා. .මම එතනම ඇදගෙන වැටුනා.මට මතක එච්චරයි...සිහි එද්දි මම හිටියෙ ගෙදර. .ලොකු සාදු මට නූල් එහෙමත් දාලා තිබුණා..
0 comments:
Post a Comment