Song Title : Hithumatheta Diga Giya Duwe (හිතුමතේට දීග ගිය දුවේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ඔස්ටින් මුණසිංහ
හිතුමතේට දීග ගිය දුවේ
නුඹෙ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ //
ඇස් දෙක වන් පුංචි දුවේ
නුඹ නැති ගෙය ගෙයක් නොවේ
ගෙයි ඇවිළූ පහන නිවේ
පපුවේ ගිනි පුළිඟු දැවේ //
හිතුමතේට දීග ගිය දුවේ
නුඹෙ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ //
යෞවනයේ හීන ලොවේ
හීන සැබෑ ලොවෙහි නොවේ
නිදුකින් හිමි සඳ සමගින්
මෙවන් දුකක් නොලැබ ඉඳින් //
හිතුමතේට දීග ගිය දුවේ
නුඹෙ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ //
0 comments:
Post a Comment