Baloli Loli Kiya Song Lyrics - බාලොලී ලොලී කියා ගීතයේ පද පෙළ

Baloli Loli Kiya Song Lyrics - බාලොලී ලොලී කියා ගීතයේ පද පෙළ
Song Title : Baloli Loli Kiya (බාලොලී ලොලී කියා)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


බාලොලී ලොලී කියා
එරන් තොටිල්ලෙ බාවලා
නැළෙවුවත් නිදන්නෙපා
අවදියෙන් ඉඳින්

තරු කඩා ගෙනත් ගෙලේ මාල උන් බඳී
සඳ ලබා දෙතැයි මුසා දොඩා සිනාසෙතී
ඉල්ලමූ ළමෝ සඳත් තරුත් හඬින් හඬා
උන් ගෙනාව සීනිබෝල කුහුඹුවන්ට දී

බාලොලී ලොලී කියා
එරන් තොටිල්ලෙ බාවලා
නැළෙවුවත් නිදන්නෙපා
අවදියෙන් ඉඳින්

රෑ දිවා දෙකේ නිදන්නෙ උන්ට හොඳ ළමෝ
ලොවම ඉල්ලමින් අඬන්නෙ අපට හොඳ ළමෝ
නෑඬුවොත් නො ඉල්ලුවොත් තොටිල්ලෙමයි අපී
කෑ ගසා අනෙක් නිදන්නවුන් නැගිට්ටමූ

බාලොලී ලොලී කියා
එරන් තොටිල්ලෙ බාවලා
නැළෙවුවත් නිදන්නෙපා
අවදියෙන් ඉඳින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment