Song Title : Ase Madura Jiwanaye Githa (ඇසේ මධුර ජීවනයේ ගීතා)
ගායනය : විශාරද නන්දා මාලිනී
මුල්ගායනය : ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී
පද රචනය : ආනන්ද සමරකෝන්
තනුව : ආනන්ද සමරකෝන්
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ //
රම්‍ය සොබා ධර්මේ //
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
රිදී කඳන් සේ ජල ධාරාවෝ
පෙනේ පෙනේ හැලි හැලි කඳු මුදුනේ //
භෘංගයෝ නද දිදී හැසිරෙතී //
සෝබන මල් ගොමුවේ //
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
හිඳ මේ ගංතීරේ මඳ වේලා
පීනමු මේ අම ගී දහරාවේ
ඔබයි සාගරේ මමයි තරංගා //
ඒ මත සැනසෙන්නා //
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ //
රම්‍ය සොබා ධර්මේ //
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
0 comments:
Post a Comment