අද සමාජය තුල පරම්පරාගතව පැමිණෙන්නා වූ රෝගාබාධයන්ද පවතී.හිමොෆීලියා යනු එවන් රෝගී තත්ත්වයකි. හිමොෆීලියා යනු රුධිරයේ කැටිගැසීම් පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සීමාකරන ආබාධයක් වන අතර මෙය පරම්පරාගත රෝගයක් වේ.එය පිරිමින්ට පමණක් බලපානු ලබන අතර කාන්තාවන් දෝෂ සහිත ජාන වාහකයන් ලෙස කටයුතු කරන බවද හදුනාගෙන තිබේ.
හිමොෆීලියා රෝගය පිලිබදව පොදු මහජනතාව දැනුම්වත් කිරීම අරමුණු කොටගෙන ලෝක හිමොෆීලියා දිනය අප්‍රේල් 17 දින සංකේතවත් කරනු ලබයි.හිමොෆීලියා දිනය යනු හිමොෆීලියා සහ අනෙකුත් ලේ ගැලීම් ආබාධ සදහා ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනයකි.එය ජාත්‍යන්තරව පවත්වනු ලබන්නේ ලෝක හිමොෆීලියා සංගමයේ නිර්මාතෘ ෆ්‍රෑන්ක් ෂ්නබෙල්ගේ උපන් දිනය දාය.මෙහිදී මූලිකවම අවධානය ලබා දෙන්නේ පොදු මහජනතාට මේ පිලිබද අවබෝධයක් ලබා දීමයි.
මෙම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාව තුළ දුර්ලභ රෝගයක් වශයෙන් සැලකෙන අතර හිමොෆීලියා රෝගීන් හදුනාගැනීම සදහා ඔවුන් වෙත විශේෂ ඉලෙක්ට්‍රෝන හැදුනුම්පත් නිකුත් කිරීමටද රජය තීරණය කර තිබෙන බව ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.
0 comments:
Post a Comment