Wilak Unath Nil Diya Piri Song Lyrics - විලක් උනත් නිල් දිය පිරි ගීතයේ පද පෙළ

Wilak Unath Nil Diya Piri Song Lyrics - විලක් උනත් නිල් දිය පිරි ගීතයේ පද පෙළ
Song Title : Wilak Unath Nil Diya Piri (විලක් උනත් නිල් දිය පිරි)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ
මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් උනත් පසළොස්වක සඳක් නොවේ
රටක් උනත් මගෙ රට වැනි රටක් නොවේ

නෑවත් වතුරමල යට ඉඳ නල වතුර
තාමත් සිතින් කිමිදෙමි ගඟ දිය අතර
කීවත් ගීත මැද පෙරදිග මරු කතර
කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර

සායෙන් හඬන දූ දරුවන් උදෙසාම
ආයෙම් මෙහෙවරට නොරටුන් ළඟ මෙහෙම
බානෙන් බැඳී සිටියත් යදියන් සේම
හීනෙන් මගෙ රටෙයි නිදියන හැම රෑම

හීනෙන් මගෙ රටෙයි නිදියන හැම රෑම ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment