Wasanthaya Awidin Song Lyrics - වසන්තය ඇවිදින් ගීතයේ පද පෙළ

Wasanthaya Awidin Song Lyrics - වසන්තය ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Wasanthaya Awidin (වසන්තය ඇවිදින්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ඉන්ද්‍රසිරි සුරවීර
තනුව : කරුණාරත්න විජේවර්ධන


වසන්තය ඇවිදින්
මටත් හොරැහින් සිත් මල් පිපිලා
හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්

ගිලාන වූ හද සෝ ළතැවුල් පිස
ඔබේම ඇසුරින් සුවපත් වූදා

නොනිමි සෙනෙහසෙන් සිත උතුරා යයි
ජීවිතයේ නව පැතුම් සොයා

වසන්තය ඇවිදින්
මටත් හොරැහින් සිත් මල් පිපිලා
හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්

අඳුරට හුරු මුදු මගේ දැවුණු සිත
ඔබේ වදනකිනි සැනසුම ලැබුවේ

වියැකී යන්නට ඉඩක් නොදී යළි
සුරකිමි ඔබ මා හද රඳවා

වසන්තය ඇවිදින්
මටත් හොරැහින් සිත් මල් පිපිලා
හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment