Wanni Wanapethe Song Lyrics - වන්නි වනපෙතේ ගීතයේ පද පෙළ

Wanni Wanapethe Song Lyrics - වන්නි වනපෙතේ ගීතයේ පද පෙළ
Song Title : Wanni Wanapethe (වන්නි වනපෙතේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


වන්නි වනපෙතේ
ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් //

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා
ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්

ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්

වන්නි වනපෙතේ
ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්

කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්

කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්

වන්නි වනපෙතේ
ගම් දනවු පුරා නිවහන
වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment