Song Title : Sihil Sulan Ralle (සිහිල් සුළං රැල්ලේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : සේන වීරසේකර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ //
ආදරයේ මඳ
සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ
සුදු වැලි කතරේ
පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා //
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ //
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ //
සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා //
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ //
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ //
0 comments:
Post a Comment