Song Title : PSYCHO (සයිකො)
Artist : Thilan Dhanushka
Lyrics : Thilan Dhanushka
Melody : Thilan Dhanushka
Music Composed & Produced : Thilan Dhanushka
Mixing & Mastering : Stereomiinds
Album art : Digitree | Chanaka Sandaruwan
Animated video : Hirushan Lakindu ( FERDENAT )
නිම්නාදේ තත් අතරින් අප සැඟවී සැඟවී
අඳුරු මන්දාරමේ තනිවී
ලා නිල්ලේ පාවී යනවා නොදැනී නොදැනී
නග්න වූ ජීවයේ
අවුලනා සුසුම් පාරනා
කර්මයේ කඩතොළු සොයා
අසිහියෙන් නිමකළා
ස්වර්ගයේ රූ දිහා
කල්පනා අතුරලා
මුඩු බිමේ රඟදෙනා
මානවයන් සිහිවෙනා
සැරිසරා පාරාදීසෙක අපි යලිත් තනි වෙලා
සනසවා නිවාලන්නට කාටවත් බැරි වෙලා (වුනා)
කාලයක් හිතේ මැවුනු (හැන්ගුනු) හීන දිය කරලා
ජාලයක් වගේ ලෝකය සිව්දෙස කැළඹෙනවා
වියරු මනසින් මා දුටුවා
මිනිසුන් යදිනා
සියළු දේවල් අතහැරලා
නිවිලා යනවා
මාවතේ සරනා දිනේ
නෑ සෙනේ කිසි කෙනෙකුගේ
සරදමින් වියලුණු ලයේ
පවසමින් අතීතයේ
අසුරයන් හමනා ලොවේ
මා සිර වෙලා දුමාරයේ
ගිල්වුනත් මිරිඟුවේ
රළ නැගෙයි ක්ෂිතිජයේ
සැරිසරා පාරාදීසෙක අපි යලිත් තනි වෙලා
සනසවා නිවාලන්නට කාටවත් බැරි වෙලා (වුනා)
නිම්නාදේ
තත් අතරින්
අප සැඟවී
අප පියඹා යයි
තනිවී ලා
ලා නිල්ලේ
පාවී යනවා
පාවී යනවා
පාවී යනවා
0 comments:
Post a Comment