Rajeku Wunath Song Lyrics - රජෙකු වුණත් ගීතයේ පද පෙළ

Rajeku Wunath Song Lyrics - රජෙකු වුණත් ගීතයේ පද පෙළ
Song Title : Rajeku Wunath (රජෙකු වුණත්)
ගායනය : සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද : මහින්ද චන්ද්‍රසේකර
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
"ධම්ම පදය" සුභ වග්ගයෙහි, "ආරෝග්‍යා පරමා ලාභා" ගාථාව පදනම් කර රචනා වූවකි.
මෙම ගීය 1996 දී “රෝස කුසුමක්” කැසට් පටයටත් 201 දී “The best of Sunil 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


රජෙකු වුණත් ගිලන් වෙලා
රජෙකු වුණත් ගිලන් වෙලා
එක්තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ
සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා

ඉසුරු සමඟ හාද වෙලා
ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආදා
දැනෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

බැරිවුණදා නෑදෑයන්
බැරිවුණදා නෑදෑයන්
අතහැර ගියදා
හිතෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment