Premaya Nam Song Lyrics - ප්‍රේමය නම් ගීතයේ පද පෙළ

Premaya Nam Song Lyrics - ප්‍රේමය නම් ගීතයේ පද පෙළ
Song Title : Premaya Nam (ප්‍රේමය නම්)
ගායනය : නන්දා මාලිනී
පද : මහාචාර්ය සුනිල් ආරියර.ත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි //

ප්‍රභාවත් වූ වත මඬල ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි

දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment