Song Title : Piyabala (පියඹාලා)
Artist : Nirosha Virajini
Lyrics : Tharinda Kasun Jayawardana
Music : Nimesh Kulasinghe
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
VFX : Nalin Vidusanka
Director : Sharmila Dharmarasa Fonseka
Teledrama : TV Derana - Podu 2 (දෙරණ ටීවී - පොදු 2 ටෙලි නාට්‍ය)
පියඹාලා හැඟුමන් මායිම් හැරදා
ඔය හිත ලග පේ වුනා
දැනෙනා මා පියුමක් තාලෙන් පිපෙනා
හසරැලි පිනි වෑහෙනා
දෝරේ ගලා
ආලේ කතා
ඔනේ කියා
මගේ වෙලා
හීන පිරිමදිමින් පියමැන යන් ආදරේ පාරේ
මිහිරේ මේ උලෙලක් වාගේ ගැයෙනා
හදවත මදු ගීතයේ
ජාති කුල යා කරලා නුහුරු
ආල පිර මේ කතාව සොදුරු
මල්පෙති පා වඩම් සාදලා ආදරේ
දෝරෙලා
විදිමි මේ කොපුලක් ගානේ සිඹිනා
උණුහුම මුදු හාදු දී
දැවටීලා සුසුමක් ගානේ වටිනා
ඔබ පමණකි ජීවිතේ
සඳ තෙරේ පද අමුණා
ඒ කවි හැඩ කලේ රස ගලපා
ආයේ ආයේ මා දිහාම නෙතු හරවා
උරතලේ හිස තියලා
කීවාම මගේ සඳ කියලා
තේරුනා ද දෑස මාව හිමි කෙරුවා
උහුලා ගනු බැරි තරමේ සෙනෙහස
ඈතක සිට සසරේ
ගෙන ආවේ මේ හීන
හිත පලන්දන්න දෝ
පියඹාලා හැගුමන් මායිම් හැරදා
ඔය හිත ලග පේ වුනා
දැනෙනා මා පියුමක් තාලෙන් පිපෙනා
හසරැලි පිනි වෑහෙනා
ජාති කුල යා කරලා නුහුරු
ආල පිර මේ කතාව සොදුරු
මල්පෙති පාවඩම් සාදලා ආදරේ
දෝරේලා
පියඹාලා හැගුමන් මායිම් හැරදා
ඔය හිත ලග පේ වුනා
දැනෙනා මා පියුමක් තාලෙන් පිපෙනා
හසරැලි පිනි වෑහෙනා
0 comments:
Post a Comment