✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පිටි 300g (ඕන නම් ආටා පිටි 150g පාන් පිටි 150g ගන්න පුළුවන්)
- පොල් කිරි 400ml
- ලුනු තේ හැදි 01
- බිත්තර 01 (අවශ්‍ය නොවේ)
පැණි පොල් සඳහා
- දුඹුරු සීනි 100g
- ලුනු තේ හැදි 1/2
- වැනිලා තේ හැදි 01
- සිහින්ව ගා ගත් පොල් බැයක පොල්
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව භාජනයකට පිටි දමා ලුනු එකතු කර හොඳින් කලවම් කරන්න.
- දැන් බිත්තර 1 එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
- පසුව කිරි ටික ටික එකතු කරමින් ටිකක් උකු බැටර් එකක් සාදා ගන්න.පැත්තකින් තබන්න.
- දැන් පැණි පොල් සාදා ගමු.භාජනයකට සිනි මේස හැදි 3 පමණ දමා කැරමල් කර එයට නටන උණු වතුර ටිකක් එකතු කර මිශ්‍ර කර ඉතිරි සීනි දමා උණු කරන්න.
- පසුව එයට ලුනු තේ හැදි 1/2 දමා මිශ්‍ර කර වැනිලා තේ හැදි 1 එකතු කර හොඳින් කලවම් කර අවසානෙට සිහින්ව ගා ගත් පොල් බැයක පොල් එකතු කර පැණි පොල් සාදා ගන්න.
- දැන් අපි පැන්කේක් හදමු . මේවා හදන්නේ මෙහෙමයි . පැන්කේක් මිශ්‍රණය මම සමාන වෙන්න භාජන දෙකකට දමා එකකට කහ කුඩු මිශ්‍ර කලා.
- පයිපින් බැග් එකක් ගෙන වීදුරුව කට දමා එයට සදා ගත් පැන්කේක් මිශ්‍රණය දමා අතට ගෙන ඉස්සරහින් කුඩා සිදුරක් සාදා ගත්තා.
- පසුව නන් ස්ටික් භාජනයක් ලිප තබා රත් වු විට පයිපින් බැග් එක අතට ගෙන සෑම අතටම ඉරි අදින්න.මිරිකන්න.(පහල පින්තූරයේ පෙනන පරිදි )
- ඊට පසු ටික වේලාවකින් අනිත් පැත්ත හරවා ටික වේලාවක් තබා පිගානකට දමා අයිනට පැණි පොල් තබා රෝල් කරන්න.මෙලෙස පාට දෙකෙත් සියල්ලම සාදා ගන්න.හදලා බලන්න කෝ.
Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment