Pan Kothalayen Song Lyrics - පැන් කොතළයෙන් ගීතයේ පද පෙළ

Pan Kothalayen Song Lyrics - පැන් කොතළයෙන් ගීතයේ පද පෙළ
Song Title : Pan Kothalayen (පැන් කොතළයෙන්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය ඇතුළත් වුුණේ 1992 දී සින්ග්ලංනා ලේබලයෙන් නිෂ්පාදනය වූ “අමල් බිසෝ” කැසට් පටයටයි.


ආඅ අඅ අඅ ආඅ ආ...
ආඅ අඅ අඅ ආඅ ආ...

ආඅ ආ... ආ ආඅ ආ...
ආ ආඅ අඅ ආ....

පැන් කොතළයෙන් බෝ දුමිඳු නාවා
තුන් මළුවෙ හැම ගහ වැල ම දෝවා
සක්මන් බවුන් වඩමින්
බණ පිරිත් කියමින්
අපෙ මුතුන් මිත්තන් කළා මහ පින්කම්

ආඅ අඅ අඅ ආඅ ආ...
ආඅ අඅ අඅ ආඅ ආ...

ආඅ ආ... ආ ආඅ ආ...
ආ ආඅ අඅ ආ....

මළ මූ නොළා ගං විල් දොලේ
බිලි නොබා මාළුන් වැව් ජලේ
අඅ ආආ ආ...
මළ මූ නොළා ගං විල් දොලේ
බිලි නොබා මාළුන් වැව් ජලේ
ඉර හඳ වනස්පති බුහුමනින්
කළ යුතුකමයි තම සනුහරේ

ආඅ අඅ අඅ ආඅ ආ...
ආඅ අඅ අඅ ආඅ ආ...

ආඅ ආ... ආ ආඅ ආ...
ආ ආඅ අඅ ආ....

හොඳ නරක දැන නැණ ගුණයෙනා
හිරි ඔතප් සිව්බඹ විහරිණා
අඅ ආආ ආ...
හොඳ නරක දැන නැණ ගුණයෙනා
හිරි ඔතප් සිව්බඹ විහරිණා
රැක ගෙනා පරපුර උරුමෙනා
නිසි මඟ ඇතත් වල්මත් වෙනා
ආඅ අඅ ආ....

පැන් කොතළයෙන් බෝ දුමිඳු නාවා
තුන් මළුවෙ හැම ගහ වැල ම දෝවා
සක්මන් බවුන් වඩමින්
බණ පිරිත් කියමින්
අපෙ මුතුන් මිත්තන් කළා මහ පින්කම්

ආඅ ආ... ආ ආඅ ආ...
ආ ආඅ අඅ ආ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment