Nomawe Parani Song Lyrics - නොමවේ පැරණී ගීතයේ පද පෙළ

Nomawe Parani Song Lyrics - නොමවේ පැරණී ගීතයේ පද පෙළ
Song Title : Nomawe Parani (නොමවේ පැරණී)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : යමුනා මාලිනී පෙරේරා
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

මේ ගීයෙහි කියැවෙන අදහස උපදින්නේ නන්දදාස රාජපක්ෂ මහතාගේ සිත් තුළයි. ඔහු නම්, ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ සභාපති යි. 1996 දී ඩී.එස්.අයි. අනුග්‍රහයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ ඉදිරිපත් කරන්නට යෙදුණු "සිතුවිලි ශ්‍රී ලංකා" ප්‍රසංගයේදී ඉහත ගීය දොරට වැඩි බවයි මගේ මතකය.ඉන් ඉක්බිති, 1996 දී "රෝස කුසුමක්" කැසට් පටය හා සංයුක්ත තැටියටත්, නැවත 2005 වසරේදී යමුනා මාලිනී පෙරේරා මහත්මියගේ ගී පද රචනා ඇතුළත් "ආදරය සුන්දර වරදකී" සංයුක්ත තැටි අංක 1 ටත් මේ ගීය ඇතුළත් වුණා.


නොමවේ පැරණී
යළි වේ රමණී
දරු පෙම නොනිමි
අඹු සැමි පෙමිනී
නොව පැරණිය වන රමණිය විටින් විට
වෙයි රමණිය නොව පැරණිය විටින් විට

සොඳ සොඳ ඕලු සොරබොර වැවේ ඇතී
ඒව නෙළන්නට සොඳ සොඳ ළමෝ යති
කළු කරලා රස කරලා උයා ඇතී
ඕලු බතට අද අපෙ පොඩි එවුන් නැතී

නොමවේ පැරණී
යළි වේ රමණී
දරු පෙම නොනිමි
අඹු සැමි පෙමිනී

ළමුන් රජුන් වී උන්ගෙත් වටේ පැටවු
ගොහින් ඉතින් දුර දීපංකරේ වසවු
ළඟින් ඉඳන් මට සලකයි මගේ බිසවු
පැරණි නොවේ සොඳ අඹු සැමි පෙමේ ඉසව්

නොමවේ පැරණී
යළි වේ රමණී
දරු පෙම නොනිමි
අඹු සැමි පෙමිනී
නොව පැරණිය වන රමණිය විටින් විට
වෙයි රමණිය නොව පැරණිය විටින් විට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment