Nelum Nelum Song Lyrics - නෙළුම් නෙළුම් ගීතයේ පද පෙළ

Nelum Nelum Song Lyrics - නෙළුම් නෙළුම් ගීතයේ පද පෙළ
Song Title : Nelum Nelum (නෙළුම් නෙළුම්)
ගායනය : සුනිල් එදිරිසිංහ සමගින් පිරිස
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1996 දී “රෝස කුසුමක්” කැසට් පටයට හා සංයුක්ත තැටියට ඇතුළත් විය."කුසුමං පුල්හිතං දිස්වා" යන පාලි පාඨයේ අර්ථය වන්නේ, මල් ගසේම තිබියදී පූජා වෙත්වා යන්නයි. එකී අදහස පදනම් කර රචිත ගීයකි.


නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්

නෙළූ නෙළුම් තියන්න ඉවුරේ
නොනෙළු නෙළුම් විලෙහි තබා පුදන්න සොඳුරේ //

විලට දුකයි
විලට දුකයි විල් දිය බොර කරන්නට එපා
පඳුරු බිඳෙයි
පඳුරු බිඳෙයි දිය පිට පා තබන්නට එපා

නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්

නෙළූ නෙළුම් තියන්න ඉවුරේ
නොනෙළු නෙළුම් විලෙහි තබා පුදන්න සොඳුරේ

මලට රිදෙයි
මලට රිදෙයි නටුව ළඟින් කඩන්නට එපා
බඹරු අඬයි
බඹරු අඬයි විලෙන් නෙළුම හිඳින්නට එපා

නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්
නෙළුම් නෙළුම්

නෙළූ නෙළුම් තියන්න ඉවුරේ
නොනෙළු නෙළුම් විලෙහි තබා පුදන්න සොඳුරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment