ඒ නල්ලූර් කන්දස්වාමී හින්දු කෝවිලයි...
යාපන නගරයට ඉතා සමීපව යාපනය පේදුරුතුඩුව මාර්ගයේ තමා මේ කොවිල තියෙන්නේ..
යාපනයේ විවිධාකාර ඓතිහාසික ස්ථාන අතර නල්ලූර් හින්දු කෝවිල විශේෂ වන්නේ එහි ඇති ආගමික හා සංස්කෘතික වැදගත්කම නිසා යි...
මෙය හින්දු සංස්කෘතියේ නළල්පට සේ සැලකෙන අතර ලක්දිව ශිව ආගමේ ප්‍රාණ නාලිකාව සේ ද පිළිගැනේ.
මේ කෝවිල සම්බන්ධ ද පූරාවෘත රැසක් තියෙනවා...
ඒ අතුරින්,ක්‍රි. ව.15 වන සියවසේ දී 6 වන බුවනෙකබාහු රජු විසින් මුල්වරට කරවා කතරගම දෙවිඳුන් කහවත් කන්දස්වාමි දෙවි නමට පූජා කළ බව සඳහන් වන මෙම කෝවිල ඉතිහාසය පුරා විවිධ අභියෝගවලට මුහුණ දෙමින් අද දක්වාත් නැගී සිටීම විශේෂ යි....
මෙය ජාතීන් අතර සුහදතාව වර්ධනය කරන ස්ථානයක් ලෙස ද සැලකෙනවා...
6 වන බුවනෙකබාහු යනු 6 වන පැරකුම්බා රජු විසින් පුත්‍රස්ථානයේ හදාවාඩා ගත් චෙම්බග පෙරුමාල් හෙවත් අරිය වෙට්ටෙයියදුම් පෙරුමාල් නමැති කුමාරයෙකි.
හේ යාපනයේ හින්දු කෝවිල් මෙන්ම ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ද ඉදිකර තිබෙනවා...
කෙසේ වුව ද යාපනයේ ඔහු කරවූ මුල් නල්ලූර් කෝවිල දැනට නොමැති අතර දැනට ඇත්තේ පසුකාලීන ඉදිකිරීමක් බව ද පැවසේ..
කෝවිල් භූමිය ඉතා සිත්ගන්නාසුලු විවෘත වටපිටාවකින් යුක්ත වන අතර අභ්‍යන්තරය ද ඉතා දර්ශනීය වේ....
හින්දු ආගමට ආවේණික ක්‍රම ඇසුරෙන් මිනිස් සිත් සුවපත්කරන ගුණය එහි රැඳී තිබෙනවා...
ඉතින් ඔබත් යාපනයේ ගිය වෙලාවක නල්ලූර් කෝවිලට යන්න අමතක කරන්න එපා...
පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏🏻
0 comments:
Post a Comment