Song Title : Nabara Wassa (නාඹර වස්සා)
ගායනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි සහ බන්දුල විජේවීර
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එච්.එම්. ජයවර්ධන
මංගල තෑග්ග චිත්‍රපටියෙන් 1987
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
ගෙට ආ කල ටිකිරිලියා
නුඹ වේවිලු කබර ගොයා
ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා
නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
වලට වැටුණු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
0 comments:
Post a Comment