Song Title : Mudu Parama Supiwithuru Adarayen (මුදු පරම සුපිවිතුරු ආදරයෙන්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
අප වෙලී දෙඩූ අඩ සැඳෑ කලේ
ඔබගෙන් සමුගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස
මගෙ කුටියට ඇවිදින් //
ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිඳිනවා //
දඟකාරකම් කරමින්
නෙත් පියන්න ඉඩ දෙන්නෑ
නේවාසිකාගාරේ
පොත් අතර රැඳී ඔබ අකුරු කියූවත් //
කිසිවක් මතකයෙ නොරැඳෙන බව දනිමී
ඔබෙ සිත මා ළඟ හින්දා
ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
ආපසු එන්න කියා
0 comments:
Post a Comment