Song Title : Malliye Naraka Mithuran Pili Ganta Epa (මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
1984 දී නිකුත්වූ "පිනිබර යාමේ" කැසට් පටයෙන් දොරට වැඩි මෙම ගීය 2003 වසරේදී නිකුත්වූ "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා
දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
කළ පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුළැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙණහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
0 comments:
Post a Comment