Mal Kiyanne Kata Kata Song Lyrics - මල් කියන්නෙ කාට කාට ගීතයේ පද පෙළ

Mal Kiyanne Kata Kata Song Lyrics - මල් කියන්නෙ කාට කාට ගීතයේ පද පෙළ
Song Title : Mal Kiyanne Kata Kata (මල් කියන්නෙ කාට කාට)
ගායනය : නන්දා මාලිනී
පද රචනය : පී. බී. අල්විස් පෙරේරා
තනුව : නන්දා මාලිනී


මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට //

පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි //

පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ //

තදින් වැස්ස වහින කලේ
මල් පාසල වතුර වලේ //

වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ //

නිවාඩුවට ඇදුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ //

මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට //

පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි //

පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ //

දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment