Lokayak Nasannata Song Lyrics - ලෝකයක් නසන්නට ගීතයේ පද පෙළ

Lokayak Nasannata Song Lyrics - ලෝකයක් නසන්නට ගීතයේ පද පෙළ
Song Title : Lokayak Nasannata (ලෝකයක් නසන්නට)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ලෝකයක් නසන්නට ගීය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි ගීයකි. 1986 වසරේදී එළි දැක්වුණු "මගේ සෙනෙහස" කැසට් පටයට ඇතුළත් විය.


ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද

නැසුණ ලොව අභිමුවේ
විජය කොඩි නගන්නේ
කවුරුන් ද

එකම ඉර එකම සඳ පිහිටකොට ගත් අපට
එකම පැණයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට
උපන් බිම දෙකඩ වන හටන් කරණුයෙ කුමට

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද

වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණ ලොව අභිමුවේ
විජය කොඩි නගන්නේ
කවුරුන් ද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment