Le Kadulin Depa Dowa Song Lyrics - ලේ කඳුළින් දෙපා දොවා ගීතයේ පද පෙළ

Le Kadulin Depa Dowa Song Lyrics - ලේ කඳුළින් දෙපා දොවා ගීතයේ පද පෙළ
Song Title : Le Kadulin Depa Dowa (ලේ කඳුළින් දෙපා දොවා)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


ලේ කඳුළින් දෙපා දොවා
මුර ගෑ යාදිනි නෑසූ සවනින්
නොයන් සුපෙම්වත අතැරදමා
මා මරු කතරේ

හද මල් ගොමුවේ ප්‍රථම මලයි ඔබ නෙළුවේ
එ මලේ පිවිතුරු සුවඳ පොදයි ඔබ ලැබුවේ
ආදර කඳුළට නිගා කරන්නට
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත

ලේ කඳුළින් දෙපා දොවා
මුර ගෑ යාදිනි නෑසූ සවනින්
නොයන් සුපෙම්වත අතැරදමා
මා මරු කතරේ

යෞවනයේ කඳු සිරස මතයි මා සිටියේ
එහි මා කැඳවූ දිනෙක ඔබයි මා නැසුවේ
කවට කමින් ආලය ගරහන්නට
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත

ලේ කඳුළින් දෙපා දොවා
මුර ගෑ යාදිනි නෑසූ සවනින්
නොයන් සුපෙම්වත අතැරදමා
මා මරු කතරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment