✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🍂 තම්බා පොඩිකර ගත් කොස් ඇට කෝප්ප 1 ක්
- 🍂 සීනි අඬු කෝප්ප 1 1/2 ක්
- 🍂 කිරිපිටි මේස හැඳි 2 ක්
- 🍂 බටර් තේ හැඳි 1 ක්
- 🍂 වැනිලා ස්වල්පයක්
- 🍂 එනසාල් කුඩු ස්වල්පයක්
- 🍂 ලුණු පිංචක්
✅ සාදා ගන්නා ආකාරය :
- 🌼 මුලින්ම තැටියක බටර් හෝ තෙල් ආලේප කර පසෙකින් තබන්න.
- 🌼 භාජනයක් ගෙන පොඩි කරගත් කොස් ඇට, සීනි, ලුණු, කිරිපිටි සහ වතුර මේස හැඳි 2 ක් පමණ දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
- 🌼 මද ගින්නේ ලිප තබා මිශ්‍රණය තෙත ගතිය සිඳෙන තෙක් හැඳි ගාන්න.
- 🌼 මිශ්‍රණය ඝන වනවිට වැනිලා සහ එනසල් කුඩු එකතු කර හොඳින් හැඳි ගාන්න.
- 🌼 භාජනය වටේ සීනි වියලෙන පදමේදී බටර් එක් කර හොඳින් හැඳි ගා ලිපෙන් ඉවතට ගෙන බටර් තවරා ගත් තැටියට දමා අඟල් 1/4 ක් පමණ උසට සිටින සේ තුනීකර කෑලි කපා ගන්න.
ඉතිං ඔයාලත් හදලා බලන්න, ඇත්තටම හරිම රසයි 😍 හදලා බලලා රස කියන්නකෝ.
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment