අපෙන් ගිලිහී යන අතීත කුඹුරු ගොවිතැන ආශ්‍රිත ජනවහර (Janwahara)

අපෙන් ගිලිහී යන අතීත කුඹුරු ගොවිතැන ආශ්‍රිත ජනවහර (Janwahara) - Your Choice Way

අතීතයේ මිනිස් ශ්‍රමය මූලික කරගත්ත කුඹුරු ගොවිතැන ආශ්‍රිතව භාවිතා කල වෙනමම ජනවහරක් පැවතියත් නූතන කුඹුරු ගොවිතැනට නවීන තාක්ෂණය මුසුවීම හරහා කමත කුඹුරු යායෙන් අතුරුදහන් වෙලා ගිහින්... නූතන තාක්ෂණය කුඹුරු ගොවිතැනට මුසුවීම නිසා වැයවන මිනිස් ශ්‍රමය අඩු උනත්  පුරාණයේ පැවති සාම්ප්‍රදායික සිරිත් විරිත් කෙම් ක්‍රම ඒ හා සබැඳි ජනවහර අද භාවිතා වන්නේ නැතිතරම්....

මෙහි ඇති සමහර වචන පලාතෙන් පලාතට වෙනස් වෙන්නත් පුලුවන් ඒ ගැන දන්න අය ඔබ දන්නා දේත් මේ ලිපියට එකතු කරන්න වැරද්දක් තියනවා නම් නිවැරදි කරන්න.... 

කුඹුර හැදින්විමට ගන්න වෙනත් වචන....
කෙත , වගා පංගුව
කුඹුරක සිමාව දක්වන්නේ....
නියරවල් වලින්
කුඹුරකට ජලය ලබා ගැනීමට හෝ පිට කිරීමට තනා ඇත්තේ... වක්කඩ
කුඹුරුවලින් මඩ රැගෙන නියරවල් සකසා ගැනීම හදුන්වන්නේ...
මඩ තැබීම ලෙස
ලියදිවල ඇති මඩ සමතලා කිරිම හදුවන්නේ...
පෝරු ගෑම ලෙස
වැපිරීමට යොදන වී... බිත්තර වී
...වී වැපිරීමේ ක්‍රම තුනයි...
අතින් වී වැපිරිම (ඉසීම) 
පේලි වලට ඇට දැමීම. 
පැළ උදුරා සිටවීම(නෙලීම)
...අතින් වැපිරීම ක්‍රම දෙකයි.....
දිගු අත .. (මිට මොලවා ගත් පැලවී අහුරු ඈතට විසි වී යන ලෙස ඉසීම) 
කෙටි අත.. (වී ඇට ලගට වැටෙන සේ ඉසීම)
වැඩිමල් වි ලෙස හදුන්වන්නෙ ÷ ගොයම් පැසිමට හාරමසක් හෝඊට වැඩි කාලයක් ගතවන වී වලට.
බාල වී යනු ÷ මාස හතරට වඩා අඩු කාලයක් ගත වන වි වලට.
වැව අද්දර කුඹුරු යායේ ඉහල තිබෙන කුඹුරු හදුන්වන්නේ ÷ ඉහළ යායේ නැත්නම් මුල් පොටේ කුඹුරු ලෙස.
යායේ මැද ඇති කුඹුරු ÷ මැද ලස්ස හෙවත් මැද පොට යනුවෙන්.
යායේ පහල ඇති කුඹුරු හදුන්වන්නේ ÷ පාවුල හෙවත් පහළ පොට යනුවෙන්.
වෙල් යායක කුරුල්ල්ලන්ගේ පරිබෝජනයට වෙන් කල කොටස හදුන්වන්නේ ÷  කුරුළු පාලුව
පංසලට දෙන කොටස සදහා වෙන් කල කොටස ÷ පිං ලියද්ද
ප්‍රමාණයෙන් කුඩා ලියදි හඳුන්වන්නේ ÷ කනටිය ලෙස
විශාල ලියදි  ÷ මහලියදි
කන්න කිහිපයක් වැඩ කිරීමට නොහැකිව පාලු වූ කුඹුරු හදුන්වන්නේ ÷ පුරන් කුඹුරු ලෙස
වී ඇට පැළනොකර වියළි තත්වයෙන්ම කෙතට ඉසීම ÷ කැකුලං ගොවිතැන.
අඳේට වැඩ කිරීම ÷ අනුන්ට අයත් කුඹුරක් වැඩකිරීම/මෙහිදී කුඹුරු හිමියාට අස්වැන්න අඩක් ලබාදීම සිදුකරයි... 

යල් එන කුඹුරු ÷ එක කුඹුරක් අයිති කරුවන් කීපදෙනෙක් අතර හුවමාරු වෙමින් යලෙන් යල  වැඩකිරීම 
වැව් දිය බෙදාගෙන ගොවිතැන් කිරීම හදුන්වන්නේ ÷ බෙත්ම ලෙසට
වී ඇටයකින් පළමුව එලියට එන සුදුපාට මුල ÷ කිරි මුල්
දෝත පුරවා ගන්නා වී ප්‍රමානය ÷ වී පත
ගොයම් කපා කුඹුරු වල තැන් තැන් වල දැමූ විට එය හදුන්වන්නේ ÷ ගොයම් උස් පිඬු ලෙස
ගොයම් උස් පිඩු කිහිපයක් එකට තැබූ විට ÷ ගොයම් කැටය
ගොයම් කැට කිහිපයක් ක්‍රමවත්වගොඩ ගැසූ විට හදුන්වනේ ÷ ගොයම් කොළය/ කැට කන්ද
අස්වැන්න නෙලුවාට පසු කෙතෙ ඉතිරිවන ගොයම් ගස් කොටස ÷ ඉපනැල්ල
ගොයම් පාගන ස්ථානය හදුන්වන්නේ ÷ කමත හෙවත් පාවර
සාමාන්‍යයෙන් ගොයම් පෑගීම සිදු කරන දිනයන් වන්නේ ÷ බාදාදා..සහ සෙනසුරාදා
කලප්පන්න යනු ÷  උපකරණ
මී වස්සන් අමතන්නේ ÷ වහු දරුවෝ, මගේ වහු පැටියෝ, කිරි වස්සෝ, කිරි පුතුනේ
මී වැස්සි‍යෝ අමතන්නේ ÷ මගේ අම්මා , කිරි අම්මා
ගොයම් වැඩ කරණ අයගේ දිවා අහාරය ÷ ඇඹුල ලෙස හඳුන්වයි
වී ගොවිටැනේදී එකිනෙකාට උදව් කර ගැනීම හදුන්වන්නේ ÷ අත්තම් ක්‍රමය
අම්බරුවන් ÷ මීහරක්
බැත ÷ වී
කොටාබානවා ÷ කනවා
යතුර ÷ කුල්ල
මැඩුවන් ÷ පිදුරු
අක්යාල ÷ දෙවියන්ට වෙන් කරණ වී ප්‍රමාණය
දැති ගොයියා/උකුණු දැත්ත ÷ පිදුරු අස් කිරිමට ගන්න උපකරණය.
මාපන ÷ පැදුර
කටුපන/පුරෝනුව ÷ මල්ල
කහටුව ÷ වී සමග මුසු වි ඇති රොඩු
මාගල ÷ වී වේලීමට ගන්න දිග පැදුර
ගොයම් කොළය ÷ ගොයම් ගොඩ ගැසූ කන්ද
ලාහ ÷ වී මනින උපකරණය
පැහියන් ÷ හාල්
යාල්ලීම ÷ වී මැනීම
පුබ්බරුවන් රෑකෙනවා ÷ බත් කෑම
කහට ගෙඩි ÷ කෙසෙල් ගෙඩි
සීරු කරනවා ÷ කනවා
ඈබුල්පේ කරනවා ÷ ආහාර බෙදිම
රතු ගගුල ÷ තේ
කහ පෑන් ගෙඩි ÷ කුරුම්බා 
රසබෝයි ÷ හකුරු
බෝමුර ඈදිම/බෝල් තැබීම  ÷ කමත සුද්ද කිරිම
යාල්ලීම ÷ කමතේ වී මැනිම
ඉස්සරයි ÷ එපා කීම
අසීරු ÷ බෑ කීම 
වෑදම ÷ උදේ ආහාරය
මුත්තෙට්ටුව ÷ රාත්‍රි ආහාරය
මෑල්ල ÷ බොල් වී
මුත්තා කනුව ÷ ගොන් කනුව
වලහන් ÷ ගොවිතැනට එන අයට දෙනු ලබන වී ප්‍රමාණය
වල්ලියන්නාව ÷ කැත්ත
කපන්නාව ÷ පිහිය
ලියන්නාව ÷ දැකැත්ත
රත්තා ÷ ගින්දර
හොටබරියා ÷ ඌරා
ගොම්පස් ÷ ගොම
කහටවා ÷ පුවක්
පැඟිරි කොළ ÷ බුලත්
උහන්ගෙඩිය ÷ වංගෙඩිය
කිරිකබලු ÷ ආප්ප
දඬුව ÷ ගිණි දැල්ල
බැද්දේ මුත්තා ÷ කොටියා
බෝලත්ත ÷ කමත අතුගාන ඉදළ
උයන්ගෙඬි ÷ පොල් ගෙඩි
ගගුල ÷වතුර
ගංගුලි ÷කැඳ
කලූ ගගුල÷ කෝපි

දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අපෙන් ගිලිහී යන අතීත කුඹුරු ගොවිතැන ආශ්‍රිත ජනවහර (Janwahara) අපෙන් ගිලිහී යන අතීත කුඹුරු ගොවිතැන ආශ්‍රිත ජනවහර (Janwahara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment