✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🍂 හොඳින් පැසුනු කොස් මදුළු 20 ක් පමණ
- 🍂 සීනි කෝප්ප 1 ක්
- 🍂 වතුර කෝප්ප 1/2 ක් පමණ
- 🍂 වැනිලා ස්වල්පයක්
- 🍂 ලුණු පිංචක්
- 🍂 අවශ්‍ය පමණ තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- 🌳 ඇට ඉවත් කරගත් කොස් මදුළු, දිග අතට සිහින්ව කපා ගන්න.
- 🌳 කපාගත් කොස් මදුළු ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
- 🌳 පසුව වෙනත් භාජනයක් ගෙන එයට සීනි, ලුණු සහ වතුර එකතු කර උතුරවා ගන්න.
- 🌳 වැනිලා ස්වල්පයක් එකතු කර ඉටි පදමට එනතුරු උතුරවා ගන්න.
- 🌳 දැන් ලිපේ ගින්දර අඩුකර බැදගත් කොස් මදුළු එයට දමා පැණි දවටා ගන්න.පැණි වියලී සීනි පදමට එනවිට ලිපෙන් ඉවතට ගන්න.
- 🌳 හොඳින් නිවුණු පසු සුලං නොවදින ලෙස අසුරා තබන්න .
සැකසුම: © නදීෂා ගමගේ හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment