✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌱 හොඳින් පැසුනු කොස් මදුළු 20 ක් පමණ
- 🌱 රටකජු 100 g ක් පමණ
- 🌱 කුඩාවට කඩා ගත් නූඩ්ල්ස් 100g ක් පමණ
- 🌱 කරපිංචා කොල ටිකක්
- 🌱 මිරිස් කුඩු මේස හැන්දක් පමණ
- 🌱 අවශ්‍ය පමණ ලුණු කුඩු
- 🌱 කහකුඩු ස්වල්පයක්
- 🌱 බැදීමට තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- 🌸 කොස් මදුළු සිහින්ව ලියා ගන්න.
- 🌸 ලියාගත් කොස් මදුළු කහ සහ ලුණු අතගා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
- 🌸 රටකජු ද ගැඹුරු තෙලේ බැද ගන්න.
- 🌸 නූඩ්ල්ස් ටිකද ගැඹුරු තෙලේ බැද ගන්න.
- 🌸 කරපිංචා ටිකද ගැඹුරු තෙලේ බැද ගන්න.
- 🌸 බැදගත් කොස්, රටකජු ,නූඩ්ල්ස් සහ කරපිංචා මත මිරිස් කුඩු සහ ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
- 🌸 හොඳින් නිවුණු පසු සුලං නොවදින ලෙස අසුරා ගන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස බලන්නකෝ 😍
සැකසුම: © නදීෂා ගමගේ හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment