Song Title : Hinahenna Romiyo Mamayi (හිනැහෙන්න රෝමියෝ මමයි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සමග ලතා වල්පොල
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
1975 දී තිරගතවූ "රජ ගෙදර පරෙවියෝ" චිත්‍රපටියෙන්
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි //
නා.........ලිය රුව දීලා
පා.........මිණි හඬවාලා
නා.........ලිය රුව දීලා
පා.........මිණි හඬවාලා
උක් දඬු කැලේ - මල් සර සැලේ
වසන්ත කාලයේ
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
ළා.........හිරු කැන් පායා
මා.........හද පිබිදීලා
ළා.........හිරු කැන් පායා
මා.........හද පිබිදීලා
කින්නර කුලේ - රංඟන දිලී
නුවන් අවන් හලේ
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි //
ආ... ආහාහහා.... ආහාහ හාහ හාහ හා........
0 comments:
Post a Comment