ඥානකතා හදමු (Gnanakata)

ඥානකතා හදමු (Gnanakata) - Your Choice Way

එන්න අපි ඥානකතාවක් කාලා තේ බොමු...මං හැදුවෙ මෙහෙමයි

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බටර් 75g
  • පාන් පිටි 100g
  • බේකින් පව්ඩර් තේ හැදි 1/2
  • ලුනු තේ හැදි 1/4
  • කරදමුංගු කුඩු තේ හැදි 1/4
  • අයිසින් ශුගර් 50g
  • වැනිලා තේ හැදි 1/2
  • සීනි ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. බටර් 75g ලිපේ තියලා දිය කරගෙන නිවෙන්න තිබ්බා.
  2. පාන් පිටි 100g වලට බේකින් පව්ඩර් තේ හැදි බාගයක් දාලා හලා ගත්තා. 
  3. ඒකට ලුනු සහ කරදමුංගු කුඩු තේ හැදි කාලක් බැගින් දාලා අයිසින් ශුගර් 50g ඒකටම හලා ගත්තා.
  4. බටර් ටිකට වැනිලා තේ හැදි බාගයක් දාලා ඒකත් පිටි එකටම දාලා හොදට කවලම් කලා.
  5. ඩෝ එකෙන් සමාන බෝල හයක් හදාගෙන එකින් එක අතේ තියලා පොඩ්ඩක් පැතලි කරගත්තා.
  6. පිගානකට සීනි ටිකක් දාලා හදාගත්ත ඒවගෙ සීනි හොදට තවරගෙන 160’c ට ෆ්‍රී හීට් උන අවන් එකේ විනාඩි 15ක් බේක් කරගත්තා.
Anuradha Wanamalee
ඥානකතා හදමු (Gnanakata) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment