✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- බටර් 75g
- පාන් පිටි 100g
- බේකින් පව්ඩර් තේ හැදි 1/2
- ලුනු තේ හැදි 1/4
- කරදමුංගු කුඩු තේ හැදි 1/4
- අයිසින් ශුගර් 50g
- වැනිලා තේ හැදි 1/2
- සීනි ටිකක්
✅ සාදා ගන්නා ආකාරය :
- බටර් 75g ලිපේ තියලා දිය කරගෙන නිවෙන්න තිබ්බා.
- පාන් පිටි 100g වලට බේකින් පව්ඩර් තේ හැදි බාගයක් දාලා හලා ගත්තා.
- ඒකට ලුනු සහ කරදමුංගු කුඩු තේ හැදි කාලක් බැගින් දාලා අයිසින් ශුගර් 50g ඒකටම හලා ගත්තා.
- බටර් ටිකට වැනිලා තේ හැදි බාගයක් දාලා ඒකත් පිටි එකටම දාලා හොදට කවලම් කලා.
- ඩෝ එකෙන් සමාන බෝල හයක් හදාගෙන එකින් එක අතේ තියලා පොඩ්ඩක් පැතලි කරගත්තා.
- පිගානකට සීනි ටිකක් දාලා හදාගත්ත ඒවගෙ සීනි හොදට තවරගෙන 160’c ට ෆ්‍රී හීට් උන අවන් එකේ විනාඩි 15ක් බේක් කරගත්තා.
Anuradha Wanamalee
0 comments:
Post a Comment