Gathakaya Song Lyrics - ඝාතකයා ගීතයේ පද පෙළ

Gathakaya Song Lyrics - ඝාතකයා ගීතයේ පද පෙළ

Gathakaya Song Lyrics - ඝාතකයා ගීතයේ පද පෙළ
Song Title : Gathakaya (ඝාතකයා)
ගායනය : ගුණදාස, මාලිනී සහ පිරිස
මේ ගීය නිර්මානයෙහි ලා දායකවූවන් මෙහිලා සඳහන් කිරීමෙන් වැලකී සිටීම යෙහෙයි සිතමි.මේ සත්‍යය වසාලූ  .... ලංකාවයි.


ඝාතකයා
ඝාතකයා
සූ සැට දහසක් ජීවිත බිලිගත් ඝාතකයා
ලෝහිත ගඟුලේ ....
පිහිනා සැනහූණු පාලකයා
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ
ඝාතකයා
ඝාතකයා

සඟ වෙද ගුරු ගොවි කම්කරුවන්
නීතිවෙදියන් ලේඛකයන්
එඩිතර අංකුර නායකයන්
දරු දැරියන් නව යෞවනයන්
බිලිගත් ඝාතකයා
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ
ඝාතකයා
ඝාතකයා

කුංචනාද කළ මහ ගිජිඳුන්
සිංහ නාද පෑ සිහ රජිඳුන්
කුංචනාද කළ මහ ගිජිඳුන්
සිංහ නාද පෑ සිහ රජිඳුන්
කොඳු ඇට පෙළ බිඳ පා ලෙවකන්නට
හීලෑ කරගත් නායකයා
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ
ඝාතකයා
ඝාතකයා

එකම ඇසින් දකිමින් බලි බිලි (සැණකෙළි)
එකම අතින් ගනිමින් කුඩ සෙත් (ගිනි අවි)
එකම මුවින් කියමින් සෙත්කවි (වස්කවි)
ඇස්බැන්දුම් කළ ඉන්ද්‍රජාලිකයා
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ
කවුරුද කියා දියන් ලංතා ඉතිහාසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment