Song Title : Gaha Kola Mal Kandu Wati (ගහ කොළ මල් කඳු වැටි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සමග ලතා වල්පොල
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ 1977 දී තිරගතවූ "ශ්‍රී මදාරා" චිත්‍රපටියෙනි.
ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ
අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ
ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ
රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
රැයේ අඳුරේ ඒ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ – රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ
සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
ඹබේ සෙවනේ මා ගී හඬ ගොළුයි
මුවට වදන් මතක නෑ – රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ
ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ
අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ
දෑස් වලින් කතා කරමු
දෑස් වලින් – රහසේ ////
0 comments:
Post a Comment