අදත් මං ඔයාලට කොස් වලින් හදා ගන්න පුළුවන් රසවත් ආහාරයක් තමයි අරගෙන ආවෙ.කොස් කෑමට අකමැති කෙනෙකුට උනත් මේ විදියට හදලා දීලා බලන්න හැමදාම ඉල්ලයි 😍
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌷 හොඳින් පැසුනු තරමක් විශාල කොස් මදුළු 15 ක් 20 ක් පමණ
- 🌷 ලියාගත් රතුළූනු / බී ලූනු
- 🌷 අමු මිරිස් කරල් කිහිපයක්
- 🌷 ලියාගත් උම්බලකඩ ටිකක් (සැමන් හෝ තම්බාගත් මාලු ගන්නත් පුළුවන්)
- 🌷 කරපිංචා ඉතිං දෙකක් පමණ
- 🌷 රම්පෙ කැබැල්ලක්
- 🌷 උළුහාල් ටිකක්
- 🌷 කහ, තුනපහ ,මිරිස් කුඩු ටිකක්
- 🌷 අවශ්‍ය පමණ ලුණු
- 🌷 තෙල් ස්වල්පයක්
- 🌷 අවශ්‍ය පමණ මිටිකිරි (උකු පොල්කිරි)
✅ සාදා ගන්නා ආකාරය :
- 🌹 කොස් මදුළු මැදින් සීරුවෙන් පලා ඇට සහ සිවිඩි ඉවත් කර ගන්න.
- 🌹 ඉවත් කරගත් ඇට තම්බා පොතු ඉවත් කර පොඩි කර ගන්න.
- 🌹 රතුළූනු ,අමු මිරිස්, උම්බලකඩ ,කරපිංචා සිහින්ව ලියා ගන්න.
- 🌹 තෙල් ස්වල්පයක් ලිප තබා රතුළූනු ,අමු මිරිස් ,කරපිංචා ,උම්බලකඩ ,අවශ්‍ය පමණ ලුණු සහ කහ, මිරිස්, තුනපහ එකතු කර තෙම්පරාදු කර ගන්න.
- 🌹 එයට තම්බා පොඩිකර ගත් කොස් ඇට ද එකතු කර තෙම්පරාදු කර ගන්න.
- 🌹 දැන් කොස් මදුළු මේ මිශ්‍රණයෙන් පුරවා ගන්න.
- 🌹 පැතලි බඳුනක් ගෙන පතුලට කෙසෙල් කොලයක් එලා ඒ මත රම්පෙ, කරපිංචා දමා පුරවා ගත් කොස් මදුළු තට්ටු ආකාරයට අසුරා ගන්න.
- 🌹 උකු පොල්කිරි වලට කහ, උළුහාල් , තුනපහ , මිරිස් ටික ටික යොදා පදමට ලුණු දමා කොස් මදුලු වැසෙන සේ දමන්න.
- 🌹 මද ගින්නේ කිරි සිඳෙන තෙක් පිස ගන්න.
සැකසුම: © නදීෂා ගමගේ හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment