කොස් මදුලු පුරවා උයමු (Fill With Jackfruit Pulp And Cook)

කොස් මදුලු පුරවා උයමු (Fill With Jackfruit Pulp And Cook) - Your Choice Way
අදත් මං ඔයාලට කොස් වලින් හදා ගන්න පුළුවන් රසවත් ආහාරයක් තමයි අරගෙන ආවෙ.කොස් කෑමට අකමැති කෙනෙකුට උනත් මේ විදියට හදලා දීලා බලන්න හැමදාම ඉල්ලයි 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 හොඳින් පැසුනු තරමක් විශාල කොස් මදුළු 15 ක් 20 ක් පමණ
  • 🌷 ලියාගත් රතුළූනු / බී ලූනු
  • 🌷 අමු මිරිස් කරල් කිහිපයක්
  • 🌷 ලියාගත් උම්බලකඩ ටිකක් (සැමන් හෝ තම්බාගත් මාලු ගන්නත් පුළුවන්)
  • 🌷 කරපිංචා ඉතිං දෙකක් පමණ
  • 🌷 රම්පෙ කැබැල්ලක්
  • 🌷 උළුහාල් ටිකක්
  • 🌷 කහ, තුනපහ ,මිරිස් කුඩු ටිකක්
  • 🌷 අවශ්‍ය පමණ ලුණු
  • 🌷 තෙල් ස්වල්පයක්
  • 🌷 අවශ්‍ය පමණ මිටිකිරි (උකු පොල්කිරි)

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌹 කොස් මදුළු මැදින් සීරුවෙන් පලා ඇට සහ සිවිඩි ඉවත් කර ගන්න.
  2. 🌹 ඉවත් කරගත් ඇට තම්බා පොතු ඉවත් කර පොඩි කර ගන්න.
  3. 🌹 රතුළූනු ,අමු මිරිස්, උම්බලකඩ ,කරපිංචා සිහින්ව ලියා ගන්න.
  4. 🌹 තෙල් ස්වල්පයක් ලිප තබා රතුළූනු ,අමු මිරිස් ,කරපිංචා ,උම්බලකඩ ,අවශ්‍ය පමණ ලුණු සහ කහ, මිරිස්, තුනපහ එකතු කර තෙම්පරාදු කර ගන්න.
  5. 🌹 එයට තම්බා පොඩිකර ගත් කොස් ඇට ද එකතු කර තෙම්පරාදු කර ගන්න.
  6. 🌹 දැන් කොස් මදුළු මේ මිශ්‍රණයෙන් පුරවා ගන්න.
  7. 🌹 පැතලි බඳුනක් ගෙන පතුලට කෙසෙල් කොලයක් එලා ඒ මත රම්පෙ, කරපිංචා දමා පුරවා ගත් කොස් මදුළු තට්ටු ආකාරයට අසුරා ගන්න.
  8. 🌹 උකු පොල්කිරි වලට  කහ,  උළුහාල් ,  තුනපහ , මිරිස් ටික ටික යොදා පදමට ලුණු දමා කොස් මදුලු වැසෙන සේ දමන්න.
  9. 🌹 මද ගින්නේ කිරි සිඳෙන තෙක් පිස ගන්න.

සැකසුම: © නදීෂා ගමගේ හෙළයේ රස මිහිර
කොස් මදුලු පුරවා උයමු (Fill With Jackfruit Pulp And Cook) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොස් මදුලු පුරවා උයමු (Fill With Jackfruit Pulp And Cook) කොස් මදුලු පුරවා උයමු (Fill With Jackfruit Pulp And Cook) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment