Song Title : Dasa Mara Bimbara (දස මාර බිම්බර)
ගායනය : සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
දස මාර බිම්බර සෙන් දපා
හිමි මෙත් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදුවූ පැයේ
මේ ඉන්ද්රමංගල සාදයේ //
දෙදහස් වසක් අභිමාන ගී ඇසූ
ජාත මව්බිම පෑ සිනා //
සුවහස් කපක් නොසිදී රැකෙන්නට
සූර්ය දෙව් ආරාධනා
දස මාර බිම්බර සෙන් දපා
හිමි මෙත් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදුවූ පැයේ
මේ ඉන්ද්රමංගල සාදයේ //
හිරු තුන් යළක් සිරිපා පුදා වැඩු
පින් පුරා දෝතින් ගෙනා //
පිබිදී සැනින් අරුණින් දොවා නෙතු
සව් සතුන් අනුමෝදනා
ආ සව් සතුන් අනුමෝදනා
දස මාර බිම්බර සෙන් දපා
හිමි මෙත් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදුවූ පැයේ
මේ ඉන්ද්රමංගල සාදයේ //
0 comments:
Post a Comment