Dara Miti Badagena Song Lyrics - දර මිටි බැඳගෙන ගීතයේ පද පෙළ

Dara Miti Badagena Song Lyrics - දර මිටි බැඳගෙන ගීතයේ පද පෙළ
Song Title : Dara Miti Badagena (දර මිටි බැඳගෙන)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය රෝහණ වීරසිං
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් (1987) දොරට වැඩි ගීයකි.1988 වසරේදී එළි දැක්වුණු "මල් වට්ටියක්" කැසට් පටයට ඇතුළත් විය.


දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

දෝතින් බොන්නට දියට නැවී
කෙකටිය ගාලෙන් ඉගිලෙනවා
හඳ පානට උඹ නිකිණි මහේ
වැව් ඉස්මත්තේ හැංගෙනවා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා

දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment