Dalin Anina Song Lyrics - දළින් අනින ගීතයේ පද පෙළ

Dalin Anina Song Lyrics - දළින් අනින ගීතයේ පද පෙළ
Song Title : Dalin Anina (දළින් අනින)
ගායනය : සුනිල් එදිරිසිංහ සමගින් පිරිස
පද : මහින්ද දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1996 දී “රෝස කුසුමක්” කැසට් පටයට හා සංයුක්ත තැටියට ඇතුළත් විය.ධම්ම පදයේ නාග වග්ගයෙහි ඇතුළත්, "දන්තං නයන්ති සමිතං" ගාථාව පදනම් කර රචනා වූවකි. 


දළින් අනින පයින් මඬින
රුදුරු සැහැසිකම් කළ ඇතු

දළින් අනින පයින් මඬින
රුදුරු සැහැසිකම් කළ ඇතු
අන්න බලන් සැදැහැ සිතින්
කරඬුව ගෙන යනවා
ආ.. ආ... කරඬුව ගෙන යනවා
කරඬුව ගෙන යනවා

දෙපයින් අහසට නැඟෙමින
හේෂාරව නඳ නැඟු අසු

දෙපයින් අහසට නැඟෙමින
හේෂාරව නඳ නැඟු අසු
අන්න බලන් ආදරයෙන්
රජුට අසුන දෙනවා
ආ.. ආ... රජුට අසුන දෙනවා
රජුට අසුන දෙනවා

අඟිනවුලා මුල් උදුරා
ගුරු තවරා ගත් ගව දෙන

අඟිනවුලා මුල් උදුරා
ගුරු තවරා ගත් ගව දෙන
අන්න බලන් මවක වෙමින්
කිරි දෙන්නට එනවා
ආ.. ආ... කිරි දෙන්නට එනවා
කිරි දෙන්නට එනවා

නින්දා රළු බස් පහරින
සසල නොවී නිසසල වන

නින්දා රළු බස් පහරින
සසල නොවී නිසසල වන
අන්න බලන් දැමුණු දනා

අන්න බලන් දැමුණු දනා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා
නෙත රසඳුන් වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment