Dahasak Sith Wimasa Song Lyrics - දහසක් සිත් විමසා ගීතයේ පද පෙළ

Dahasak Sith Wimasa Song Lyrics - දහසක් සිත් විමසා ගීතයේ පද පෙළ
Song Title : Dahasak Sith Wimasa (දහසක් සිත් විමසා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සොමී සේකරාම
තනුව : නිමල් මෙන්ඩිස්
මෙම ගීය 1996 දී “රෝස කුසුමක්” කැසට් පටයට ඇතුළත් විය.

තාම සැනසුම සොයා
ඉගිලී යන සිතයි අපේ

හැබැහින් සිහිනයෙන්
ඇවිදී තරඟයෙන්
මොනවාදෝ සොයමින්
මොනවාදෝ සොයමින්

දවසක් හෝ කවුරුන්
ඇතිදෝ හිනැහී සතුටින්
පෑව හසරැල් වසා
සුසුමයි රැඳුණේ රහසින්

කඳුළින් හිනැහෙමින් රැවටී සැනෙකින්
සැනසෙමුදෝ කෙලෙසින්
සැනසෙමුදෝ කෙලෙසින්

අන් විපතේ දුක හඳුනා
කවුරුන් ළතැවේදෝ
අනෙකෙකු ලබනා ඉසුරින්
කවරෙකු තුටු වීදෝ
සැනසී ඇත්තේ කවුදෝ
ඒ මිනිසා කොහිදෝ
ඒ මිනිසා කොහිදෝ

දහසක් සිත් විමසා
දුටුවේ මිනිසුන් අතරේ
තාම සැනසුම සොයා
ඉගිලී යන සිතයි අපේ

හැබැහින් සිහිනයෙන්
ඇවිදී තරඟයෙන්
මොනවාදෝ සොයමින්
මොනවාදෝ සොයමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment