Song Title : Daduru Sithaka (දැදුරු සිතක)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
දැදුරු සිතක දෙසඳුන්
ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන්
ගිනිගත් මේ සිත විරහී //
රත් පැහැ ගැන්වුණු සඳුගේ එළියත් හරි උණුසුම් //
නිර්මල සිතකින් ඔබ පුදනා පෙම මට නොතරම්
මට නොතරම්
දැදුරු සිතක දෙසඳුන්
ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන්
ගිනිගත් මේ සිත විරහී
දෙවැනිය වී ඔබ ගෙනෙන පහන් දල්වනු කෙලෙසින් //
දෙවැනි වරට දල්වන්නට සිළුවක් නැතිය ඉතින්
නැතිය ඉතින්
දැදුරු සිතක දෙසඳුන්
ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන්
ගිනිගත් මේ සිත විරහී
0 comments:
Post a Comment