අදටත් සෝවියට් සංගමයේ පියා ලෙස සලකනු ලබන ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් යනු රුසියානු විප්ලවවාදියෙකු, දේශපාලඥයකු හා දේශපාලන න්‍යායවාදියෙකි. ඔහු 1917 සිට 1924 දක්වා සෝවියට් රුසියාවේ පළමු සහ ආරම්භක රාජ්‍ය නායකයා ලෙසත් 1922 සිට 1924 දක්වා සෝවියට් සංගමයේ ප්‍රධානියා ලෙසත් සේවය කළේය.
නමුත් කනගාටුවට කරුණ නම් 1923 මාර්තු 9 වන දින මේ මහා නායකයා ආඝාතය නම් රෝගයට ගොදුරු වීමයි. මෙම හේතුව නිසා මේ හිටපු බොල්ෂෙවික් නායකයාට තවදුරටත් කතා කර ගැනීමට නොහැකි වූ අතර ඇදකට කොටු වී සිටීමට සිදු විය. අවසානයේ 1924 ජනවාරි 21 වන දින එනම් ඔහුට වයස අවුරුදු 53දී ඔහු සදහටම තම දෙනෙත් පියා ගන්නා ලදී.
ඊළඟ දවසේ උදේ 11.00 ට බොල්ෂෙවික්වරයකු වූ කලිනින් විසින් කොන්ග්‍රසයේ දී ඔහුගේ රළු හඬින් සහ තදබල වාක්‍ය ඛණ්ඩවලින් ලෙනින් ගේ මරණය ප්‍රකාශයට පත් කරන ලදී. පුවත්පත් වාර්තා වලට අනුව එය අසා සිටි සියලුම දෙනා කඳුලු සලා ඇති අතර, කාමරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටි කාන්තාවන් එය අසා වැලපෙන්නට පටන් ගන්නා ලදී. ජනවාරි 21වන දින රුසියානු දින දර්ශනයේ ශෝක දිනයක් ලෙස නම් කරන ලද අතර කොන්ග්‍රසයේ සාමාජිකයන් ගෝර්කි වෙත ගොස් දේහය මොස්කව් වෙත ගෙන ඒමට කටයුතු කරන ලදී. ඉන්පසු ජනතාවට දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා දේහය වෘත්තීය සමිති සභාවේ තැන්පත් කරන ලදී.
නමුත් ලෙනින්ගෙන් පසුව රුසියාවේ පාලකයා වු ස්ටාලින්ට අවශ්‍ය වූයේ ලෙනින්ගේ දේහය එම්බාම් කොට කල්තබා ගැනීමටය. ඒ අනුව ලෙනින්ගේ මරණයෙන් දින දෙකකට පසු, චිසිනාවෝහි වෙසෙන ගෘහ නිර්මාණ ශිල්පී ඇලෙක්සි චුසෙව් හට ජනතාවට පැමිණ වැලපීමට හා ඔවුන්ගේ නායකයාට සමු දීමට හැකි වන පරිදි දේහය තැබීමට සුදුසු ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ වගකීම පැවරිණි. නමුත් ලෙනින්ගේ බිරිඳ වන නදීජ්ඩා කෘප්ස්කායා සහ දේශපාලන න්‍යායාචාර්යවරයකු සහ දේශපාලඥයකුද වන ලෙව් ට්‍රොට්ස්කි මෙයට ඉතා විරුද්ධ විය.
ට්‍රොට්ස්කි තර්ක කර සිටියේ වෙනත් ආගම් වල ඇති පරිදි දේහයන්ට වන්දනාමාන සිදු කිරීම කොමියුනිස්ට් මතවාද සමග ගැලපෙන්නේ කෙසේද යන්නයි. එහෙත් ඒ කිසිදු තර්කයකින් ඵලක් නොවීය. අවසානයේදී එම්බාම් කරන ලද ලෙනින්ගේ සිරුර මොස්කව්හි රතු චතුරශ්‍රයේදී නිරාවරණය කරන ලදී.
මුලදී ලෙනින්ගේ එම්බාම් කරන ලද සිරුර ලී වලින් තැනු ව්‍යුහයක තැන්පත් කරන ලදී. නමුත් 1924 ගිම්හානය වන විට එය විශාල ඉදිකිරීමක් මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී. ලක්ෂ සංඛ්‍යාත ජනයා තම නායකයාගේ දේහය බැලීමට අඛණ්ඩව මොස්කව් වෙත ඇදී එන ලදී. සංඛ්‍යාලේඛනවලට අනුව වාර්ෂිකව මිලියන 2.5 කට අධික ජනතාවක් බොල්ෂෙවික් නායකයාගේ දේහය බැලීමට පැමිනි බව වාර්තා විය. කෙසේ වෙතත් 1930 වන විට මෙය කළුගල් හා කිරිගරුඬ වලින් සාදන ලද ස්මාරක සොහොන් ගෙයක් බවට පත් කරන ලදී. ඉන් පසු මෙය කුඩා පැරණි පන්සලක සිරි ගත් බව පැවසේ.
සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටී දශක තුනකට පසුවත් ලෙනින්ගේ සිරුර තවමත් ක්‍රෙම්ලිනය මැද පවතී. මේ සමස්ත කාලය තුලදී සිරුර වෙනත් ස්ථානයකට ගෙන යන ලද්දේ දෙවන ලෝක සංග්‍රාම සමයේදී කෙටි කාලයකට පමණි. 1941 දී ජර්මානු ආක්‍රමණයට බියෙන් මෙම සිරුර මොස්කව් සිට සයිබීරියාවේ ටියුමන් වෙත රැගෙන යන ලදී. නමුත් යුද්ධය අවසන් වූ පසු එය යළිත් මොස්කව් වෙත ගෙන එන ලදී.
වර්තමානයේද එම සිරුර රුසියාවේ අගනුවර පවතින අතර බොහෝ පිරිස් ඒ පිළිබඳව විවිධ අදහස් සහ චෝදනා එල්ල කරනු ලබයි. බොහෝ පිරිස් සදහන් කරන්නේ මෙම සොහොන් ගෙය නඩත්තු කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදු වන බවයි. උදාහරණයක් ලෙස 2016 දී රුසියානු රජය ලෙනින්ගේ සිරුර වයස අවුරුදු 53 ක් මෙන් පෙනෙන්නට තබා ගැනීම සඳහා අරමුදල් වලින් රූබල් මිලියන 13 ක් (ඩොලර් 198,000 ක් පමණ) වෙන් කරන ලදී. මෑතකදී සිදු කරන ලද විමර්ශනයක් මගින් හෙළි වූයේ රුසියානුවන් 60% පමණ පිරිසකට මෙම දේහය තම අගනුවරින් ඉවත් කර යුතු බවට ප්‍රකාශ කළ බවයි.
නමුත් ව්ලැඩිමීර් ලෙනින්ගේ සිරුර භූමදාන කිරීම ඉතා අපහසු ක්‍රියාවක් වන අතර විශේෂයෙන් රුසියානු කොමියුනිස්ට් පක්ෂය මෙම සොහොන් ගෙය “පූජනීය ස්ථානයක්” සහ ඓතිහාසික ස්මාරකයක් ලෙස තවමත් සලකනු ලබයි.
ලියොන් ට්‍රොට්ස්කි |
ව්ලැඩිමීර් ලෙනින්ගේ සිරුර සොහොන් ගෙය තුළ |
0 comments:
Post a Comment