Ahasin Polowata Kada Watilada Song Lyrics - අහසින් පොළොවට කඩා වැටීලද ගීතයේ පද පෙළ

Ahasin Polowata Kada Watilada Song Lyrics - අහසින් පොළොවට කඩා වැටීලද ගීතයේ පද පෙළ
Song Title : Ahasin Polowata Kada Watilada (අහසින් පොළොවට කඩා වැටීලද)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
1988 වසරේදී එළි දැක්වුණු "මල් වට්ටියක්" කැසට් පටයට ඇතුළත් විය.


ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...

මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසා ද මේ ගෙට
අනාථ නිවසයි පටබැඳුණේ

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...

ගෙනත් දෙතිය රස මසවුළු මව්වර
දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...
ආ.. අඅ අඅ ආ ආ ආ ආ අඅ අඅ ආ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment