Sayuru Theredi Song Lyrics - සයුරු තෙරේදී ගීතයේ පද පෙළ

Sayuru Theredi Song Lyrics - සයුරු තෙරේදී ගීතයේ පද පෙළ
Song Title : Sayuru Theredi (සයුරු තෙරේදී)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : පැට්‍රික් දෙණිපිටිය


සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙතේ කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

තඹුරු පිපී බමරු පිරී
සොඳුරු කතාවන් පවසා යතේ
නොනැඟේවිදෝ ඔබගේ ළයේ
එවැනි හැඟුම් රහසේ

සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙතේ කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

පියවී ලොවේ නොලද සුවේ
සොයමි රැයේ මම සිහින ලොවේ
නොනැඟේවිදෝ ඔබගේ ළයේ
එවැනි හැඟුම් රහසේ

සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙතේ කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment