Sanda Thathi Gani Balanawa Song Lyrics - සඳ තැති ගැනී බලනවා ගීතයේ පද පෙළ

Sanda Thathi Gani Balanawa Song Lyrics - සඳ තැති ගැනී බලනවා ගීතයේ පද පෙළ
Song Title : Sanda Thathi Gani Balanawa (සඳ තැති ගැනී බලනවා)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව : සමන්ත පෙරේරා


සඳ තැති ගැනී බලනවා
රැය තනිකමින් හඬනවා
ඔබ නොදොඩාම ඉන්නවා
හිත අමනාප වුණත් රත්තරනේ නපුරු වෙන්නෙපා //
සඳ තැති ගැනී බලනවා

නෑ සිය සනුහරේම
හැර ඔබ හා මං ආ හන්දා
අටවක හඳම මිසක
දුක කියන්න කවුරුත් නැතුවා
සඳ තැති ගැනී බලනවා

සඳ තැති ගැනී බලනවා
රැය තනිකමින් හඬනවා
ඔබ නොදොඩාම ඉන්නවා
හිත අමනාප වුණත් රත්තරනේ නපුරු වෙන්නෙපා
සඳ තැති ගැනී බලනවා

ආ ගිය කිසිම තැනක
තරුවක්වත් තනියට නැති දා
කුලගෙය දෙදරවන්න
අපි කළ පව් මොනවද මන්දා
සඳ තැති ගැනී බලනවා

සඳ තැති ගැනී බලනවා
රැය තනිකමින් හඬනවා
ඔබ නොදොඩාම ඉන්නවා
හිත අමනාප වුණත් රත්තරනේ නපුරු වෙන්නෙපා
සඳ තැති ගැනී බලනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment