Sadayi Tharuyi Ahase Payala Song Lyrics - සඳයි තරුයි අහසෙ පායලා ගීතයේ පද පෙළ

Sadayi Tharuyi Ahase Payala Song Lyrics - සඳයි තරුයි අහසෙ පායලා ගීතයේ පද පෙළ
Song Title : Sadayi Tharuyi Ahase Payala (සඳයි තරුයි අහසෙ පායලා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ප්‍රේමසිරි බාලචන්ද්‍ර
තනුව : උපාලි කන්නංගර


සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා

මා පෙරදා මගදී හමුවී
මදහස් රැළින් කියූව ආදරේ
ඈ නෙතගින් තෙපලූ වදනින්
තිර ආදරේක මැදුර බිහිවුනේ

සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා

මා සැමදා ඉපිලී සතුටින්
පෙම් පුරාණයට ලියූ ගීතිකා
ඈ සවණේ රඳවා සැනහී
ගොළු ආදරේට ජීවෙ යා කළා

සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment