Song Title : Raja Malige Paraviya Wage (රාජ මාළිඟේ පරවියා වගේ)
ගායනය : රෙඩ්
සංගීතය : නයන කරුණානායක
ඔරිගීනල් එක
ගී පද රචනය : සිරිල් ඒ. සීලවිමල
ගායනය : ප්‍රෙඩී සිල්වා
ද්‍රවිඩ ගී තනුවකි
රාජ මාළිඟේ පරවියා වගේ
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ
ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ //
මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි
උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි
මේ සුරතල් සත්තු මාගේ - මට රන්මුතු මැණික් වාගේ
උන්ගෙ බරට රන් දුන්නත් - මම විකුණන් නෑ //
රාජ මාළිඟේ පරවියා වගේ
මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකයේ වටේ
මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාල ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ
රාජ මාළිඟේ පරවියා වගේ ///
0 comments:
Post a Comment