අද අපි කතා කරන්න යන්නේ කොළඹ වරාය නගරයේ පසුගියදා විවෘත වූ කොටස ගැන..
අද පෝය දවසේ port city එකට ඇතුල් වෙන්න හෙනම පෝලිම..
ඒ පොලීමේ ඉදලා අපිත් කොහොමහරි ඇතුලට ගියා...
සෙනග නම් පිරිලා... හවස 6න් පස්සේ නම් ඇතුල් වෙන්න දෙන්නේ නෑ...
හැබැයි ඉතින් මොනදේටත් වඩා අපි මේ දින වල සෞඛ්‍ය ආරක්ෂිතව තමා කටයුතු කරන්න ඕනේ..
මේ විවෘත කරපු කොටස ගැන කියන්නම්කෝ...
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ගේ 65 වැනි සංවත්සරය සහ ඓතිහාසික ‘රබර් සහල් ගිවිසුම' අත්සන් කර වසර 70ක් සපිරීමේ සැමරුම 2022 ජනවාරි 9 වැනි දින කොළඹ වරාය නගරයේ
අභිනවයෙන් නිම කරන ලද සැහැල්ලු යාත්‍රාංගණ මහජන පදික තීරය විවෘත කෙරුණා...
ඓතිහාසික සබඳතාවයන් සමරමින් වාර්ෂිකව පවත්වන ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව රුවල් යාත්‍රා කුසලාන තරඟාවලියේ සමාරම්භක අවස්ථාව ද එදින සිදුවුණා..
ඒ අනුව වරාය නගරය තුල ඉදිකර ඇති ආරුක්කු පාලම දක්වා දිවෙන මීටර් 500 ක් දිග අලංකාර මහජන පදික තීරුව පෙරවරු 9 සිට සවස 6 දක්වා මහජනතාව සඳහා විවෘතයි....
එම පදික තීරුව දෙපස ශ්‍රී ලංකා - චීන දිගුකාලීන මිත්‍රත්වයේ විශේෂ අවස්ථා සනිටුහන් වූ ඡායාරූප ප්‍රදර්ශනයක්ද නැරඹීමටද හැකියාව තියෙනවා....
පින්තූර _Travel For Education_ 📸🙏🏻
0 comments:
Post a Comment