Pera Pin Paldi Song Lyrics - පෙර පින් පලදී ගීතයේ පද පෙළ

Pera Pin Paldi Song Lyrics - පෙර පින් පලදී ගීතයේ පද පෙළ
Song Title : Pera Pin Paldi (පෙර පින් පලදී)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහින්ද දිසානායක
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


පෙර පින් පලදී මෙදියත ඉපදී
මිනිසත් බව හිමිවී
දිවි මග තනිවී ඔබ ගැන සිහිවී
පැතුම් කැකුළු පූදී
පැතුම් කැකුළු පූදී

රොන්සුණු ඉහලා පියවිලි එළලා
රන් මාවත සදලා
තනිව යන්න නම් මේ මල් යායේ
කුමටද ඉඩ ලැබිලා

පෙර පින් පලදී මෙදියත ඉපදී
මිනිසත් බව හිමිවී
දිවි මග තනිවී ඔබ ගැන සිහිවී
පැතුම් කැකුළු පූදී
පැතුම් කැකුළු පූදී

ඇළ දොළ පිරිලා තුරුලිය පිපිලා
පලු පල මල් දරලා
තනිව ඉන්න නම් වසන්ත කාලය
කුමටද උදා වෙලා

පෙර පින් පලදී මෙදියත ඉපදී
මිනිසත් බව හිමිවී
දිවි මග තනිවී ඔබ ගැන සිහිවී
පැතුම් කැකුළු පූදී
පැතුම් කැකුළු පූදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment